Friday, December 30, 2016

“සෙල්ෆි” ගැනීමට ඉදිරියේදී ඔබට මෙවැනි උපකරණ අවශ්ය් වනු ඇත.



සෙල්ෆි ඡායාරූපයක් ගැනීම යනු තම කැමරාවෙන් තමාගේ හෝ තම අවට කණ්ඩායමක් හෝ තමා සිටින ස්ථානය ඡායාරූපයට නැගීමයි. මෙය තම අත භාවිතයෙන් කිරීමට පටන් ගත්තද පසු කලෙක   සෙල්ෆි ස්ටික් නැමැති කෝටුවක් භාවිතයෙන් කිරීමට යොමු වී ඇත. ඩ්‍රෝන් කැමරා තාක්ෂණයද බහුලව භාවිතා වන යුගයක මේ තාක්ෂණයන් දෙක එකතු කිරීමට හැකිවේ යැයි ඔබට සිතුනේද?
‘එයාර් සෙල්ෆි’ අදහස පහළ වන්නේ ඉතාලි ජාතික ව්‍යවසායකයෙකු වන එඩෝර්ඩො ස්ට්‍රොෆියානා වෙත  2014 දිය. මෙම උපකරණය තුළ 5 megamixel  කැමරාවක් සහ 4GB micro SD කාඩ් එකක් ඇත. ඩ්‍රෝනර් යන්ත්‍රයේ භ්‍රමක මගින් අඩි 65 (මීටර් 20)  උසට අහසේ පියෑඹීමට හැකියාව ඇත. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් භාවිතයෙන් මෙම යන්ත්‍රය ගුවන් ගත කිරීම ආරම්භ කළ හැක. එමෙන්ම උස, දිශාව වෙනස් කිරීම මෙන්ම ඡායාරූප ගැනීම මෙන්ම වීඩියෝ කිරීමද අදාල ඇප් එක මගින් සිදුකල හැක. වයි-ෆයි තාක්ෂණය ඔස්සේ ගන්නා ඡායාරූප වෙනත් ජංගම දුරකථන වෙත යැවීම මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිවලට ගන්නා ඡායාරූප යැවීමටද අදාල උපකරණයටම සිදුකල හැක.
ඡායාරූප ගත් පසු ඇප් එකේ බොත්තමක් එබූ සැනින් පහළට ඒමට එම උපකරණය සකස් කර ගත හැක. එනම් අත්ල මතට ඒමට හෝ ගුවනේ සැරිසරනවිට අතට ගැනීමට හැකිවනසේ භාවිතා කරන්නාට සකස් කරගත හැක.
නැවත වාර්ජ් කල හැකි ලිතියම් පොලිමර් බැටරියක් මගින් එයාර් සෙල්ෆි යන්ත්‍රයේ ගුවන් කාලය මිනිත්තු 3ක් වන බව අදාල සමාගම පවසන අතර 2017දී මෙම යන්ත්‍රය ඩොලර් 300ක් වැනි සහන මිලකට වෙළදපොලේ දැකියහැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

අන්තර්ජාලය ඇසුරෙනි

නිත්ය මුද්රුණ යන්ත්රඇය








පරිඝණක  මුද්‍රණ යන්ත්‍රයේ ඉතිහාසය පරිඝණකයේ ඉතිහාසය තරම්ම දිවෙන දෙයක් බව අප කවුරුත් දනී. එහි විකාශය ඩේසි වීල්  (Daisy Wheel) මුද්‍රණ යන්ත්‍රයේ සිට ඩොට් මැට්රික්ස් (Dot Matrix) ද ඉන් පසු තීන්ත විදින (Ink Jet) මුද්‍රණ යන්ත්‍රයද අවසාන වශයෙන් ලේසර් මුද්‍රණ යන්ත්‍රය ද වශයෙන් දැක්විය හැක. මේ සියල්ලේම ප්‍රශ්නය වන්නේ ඒවාට විශාල වශයෙන් කඩදාසි අවශ්‍ය වීමයි. තවද ටොනර් වැනි දේටද විශාල වශයෙන් මුදල් වැයවීම ද තවත් ප්‍රශ්නයකි. කිසිවෙකුට හැකි වේවිද තීන්ත රහිත කඩදාසි රහිත මුද්‍රණ යන්ත්‍රයක් අනාගතයේ නිපදවීමට?
     මෙය නව අදහසක් නොවේ. Xerox  ව්‍යාපාරය 1970 සිට ඉලෙක්ට්‍රොනික කඩදාසි පිළිබද පර්යේෂණ පැවැත්වූ ආයතනයකි. ඔවුන්ගේ එක් විසදුමක් වූයේ “ ගයිරිකොන් නැමති පත්‍රයයි. එය ඉතා සියුම් පාරදෘශ්‍ය (විනිවිද පෙනෙන) ප්ලාස්ටික් වර්ගයකින් සෑදී ඇති අතර එහි මිලියන ගණනින් ඉතා කුඩා තෙල් පිරවු සිදුරු පවති. වර්ණ දෙකකින් සමන්විත පබළුවක් එක්එක් සිදුරු වල නිදහසේ කැරකීමට  සකස්කර ඇත. මුද්‍රණ යන්ත්‍රය මගින් වෝල්ටීයතාවයක් මෙම පත්‍රෙය් මතුපිටට ඇති කළවිට මෙම පබළු  කැරකී එක්  වර්ණයක් පෙනීමට සැලැස්වීමයි.මෙමගින් පත්‍රය මත අකුරු සහ චිත්‍ර පෙන්වීමට හැකිවේ. එම පත්‍ර නැවත මුද්‍රණ යන්ත්‍රයකට ඇතුලත් කරන තෙක්ම එම අකුරු හෝ චිත්‍ර එසේම පවතී. එනම්  මෙම පත්‍ර නැවත භාවිත කළ හැකි වේ.
    ජපානයේ සන්වා නිව්ටෙක් ආයතනය ද තීන්ත රහිත ටෝනර් රහිත මුද්‍රණ තාක්ෂණයක්  නිපදවා ඇත. ඔවුන් එය නිමකර  ඇත්තේ “ ප්‍රීපීට් නම්  නැවත මුද්‍රණය කළ හැකි ප්‍රින්ටරය වශයෙනි. මෙහිදී ප්ලාස්ටික් පත්‍රය තුල ඩයි වර්ගයක් කවා ඇති අතර උෂ්ණත්වය අනුව එහි පාට වෙනස්වීමක් සිදුවේ. සීතල අවස්ථාවේ පාට ස්ථාවරව පැවතෙන අතර උණුසුම් කල විට පාට මැකීයයි. ප්‍රීපීට් මුද්‍රකය පළමුව තම පත්‍රය උණුසුම් කර පත්‍රයේ යමක් ඇත්නම් මකා දමා අඵතින් ලිවීම අරඹයි. මෙම ආයතනයට අනුව එක පත්‍රයක් 1000 වාරයක් පාවිච්චි කළ හැක.
        අන්තර්ජාලය ඇසුරිනි.

Thursday, December 29, 2016

සිතීමේ ශක්තිය මගින් අනාගත සෙල්ලම් බඩු ක්රිායාත්මක වන ලකුණු…





වෝර්වික් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටෝපර් ජේම්ස් මහාචාර්යතුමා විසින් ක්‍රියාත්මක මොළයේ තරංග මගින් ක්‍රියා කිරීමට හැකියාව ඇති විද්‍යුත් උපකරණ නිපදවීමේ තාක්ෂණයන් සොයා පර්යේෂණ ආරම්භ කර ඇත. මෙහිදී සිත තුළ පහළවන අදහස් මගින් පරිගණක පද්ධතියක් ඔස්සේ සෙල්ලම් බඩු වෙත සම්බන්ධ වීමට හැකි බව සොයා ගෙන ඇත.
නත්තල් සමයේදී ළමුන් විශ්වාසය තබන නත්තල් සීයාගෙන් ඉල්ලන සෙල්ලම් බඩු අතර ප්‍රමුඛතාවය ගන්නේ ස්වයංක්‍රීය කාර, හෙලිකොප්ටර්, රොබෝ යන්ත්‍ර වැනි දෑය. මේ සියල්ල හිසට පළ‍ඳින ආම්පන්නයක් මගින් මොළයේ ක්‍රියාත්මක අදහස් වල බලයෙන් පණ ගැන්වීමට සහ ක්‍රියා කරවීමට හැකියාව ඇති බව ඔවුන් සොයා ගෙන ඇත.
මූලික වශයෙන් අපගේ සිත ස්ථානගත කිරීමේ මට්ටම අනුව මේවා ක්‍රියාත්මක කිරීමට හැකි බව සඳහන් වේ. උදාහරණයක් වශයෙන් කැමතිම පාට ගැන සිතීමේදී අපට එක් පාටකට අනිවාර්‍යෙන් සිත ස්ථාන ගත කිරීමට හැකි බව දැක්විය හැකිය.
ස්වයංක්‍රීය සෙල්ලම් බඩුවල සාමාන්‍යයෙන් අතේ තබා ගන්නා උපකරණ වෙනුවට මෙහිදී හිසට පළඳින උපකරණය මගින් මොළය සහ උපකරණය අතර පරිගණක සම්බන්ධතාවය ඇති කරයි. හිසේ රඳවනයේ ඇති සංවේදක උපකරණ (sensors)  මගින් මොළය මගින් ඇති කරන තරංග විවිධ සංඛ්‍යාත වලින් හදුනා ගැනේ. මේ තරංග වැඩිදියුණු කිරීමක් සිදු කර අදාල සෙල්ලම් උපකරණයේ විද්‍යුත් පරිපථය යැවේ.    
  මහාචාර්ය වෝර්වික් ප්‍රකාශ කර සිටින්නේ, දැනටමත් මෙම තාක්ෂණය වෙළඳ පොළට නිකුත් කර තිබුනට ඒවායේ ක්‍රියාකාරිත්වයට යම් යම් සීමාවන් ඇති බවය. නව පරීක්ෂණ මගින් හිස පළඳනාවේ ක්‍රියාකාරීත්වය තවත් ක්‍රමවත්ව සිදු කිරීමට, එනම් පැහැදිලි සංඥා ලබා ගැනීම කෙරේ තව දුරටත් යොමු වී ඇත.
දැනට භාවිතයේ පවතින සුළු දේ පවා අනාගතයට මහත් දෙයක් වනු ඇති අතර ඉදිරියේදී අපගේ නිවසේ දොරවල් සිත මගින් විවෘත කිරීමට හා අපගේ දුරථනයට පිළිතුරු දීමට මෙම නව පද්ධතියට හැකි වනු ඇති බව ඔහු හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායමේ බලාපොරොත්තුවයි.

Sunday, November 23, 2014

මිනිස් මොළය අනුව සැකසූ විද්‍යුත් පරිපථයක්








ස්ටැන්ෆර්ඩ් විද්‍යාඥයින් විසින් මිනිස් මොළය පාදක කර ඉතා වේගවත් කාර්ය්‍යක්ෂම Microchip එකක් නිර්මාණය කර ඇත. එය දැනට භාවිතා කරන පරිගණකයට වඩා 9000 ගුණයක් වේගවත් වන අතරම විදුලි භාවිතය ඉතා අඩුය. මෙම සොයා ගැනීම ඉදිරියේදී රොබෝ යන්ත්‍ර තාක්ෂණය සහ පරිගණක ක්ෂේත්‍ර වල වැඩි දියුණුවට දායක කර ගත හැක. උදාහරණයක් ලෙස මිනිස් මොළය තරම් වේගවත් හා කාර්යක්ෂම Chip එකක් මගින් මිනිසෙකුගේ අත් පා චලන වැනි සංකීර්ණ චලනයන් සිදු කල හැකි වනු ඇත. විද්‍යාඥ බෝහේන් පවසන්නේ මිනිස් මොළය සැසඳීමට ඉතා අපහසු දෙයකි. බෝහේන් සහ ඔහුගේ කණ්ඩායම කෘත්‍රීම ස්නායු ජාලයක් නිර්මාණය කර ඇති අතර එහි භාවිතා කරන්නාට වෙනස් කර ගත හැකි Neuro core chip 16 ක් ඇත. මෙම චිප් 16 මගින් ස්නායු මිලියනයක් සක්‍රීය කල හැකි සේම ස්නායු ක්‍රියාකාරකම් මිලියනයක් මෙම නිර්මාණිත ස්නායු  ජාල පරිපථය නවීන IPOD එකක් තරම් විශාල වේ.
ජාතික සෞඛ්‍ය ආයතන මගින් අවුරුදු පහක කාලයක් සඳහා මෙම නිර්මාණ කාර්ය සඳහා මූල්‍යමය දායකත්වය ලබා දේ. දැනට බෝහේන්ගේ ප්‍රධාන කාර්යන් වී ඇත්තේ නිෂ්පාදන වියදම අඩු කිරීම, ඉංජිනේරුවන් සහ පරිගණක විද්‍යාඥයන් වැනි ස්නායු විද්‍යාව ගැන දැනුමක් නැති අය මෙය භාවිතා කිරීමේදී නැඟෙන ප්‍රශ්ණ විසඳීම වැනි දෑ වෙතය. තවද ඔහු අංශභාග ලෙඩුන් සඳහා මෙය භාවිතා කල හැකිද යන්නත් පර්යේෂණයේ යෙදේ.
දැනට මෙය නිර්මාණය කිරීමට ගන්නා අමුද්‍රව්‍ය හා අවුරුදු 15 පමණ පැරණි තාක්ෂණික ක්‍රම වෙත ඩොලර් 40,000 ක් පමණ වැය වේ. නමුත් නවීන තාක්ෂණික ක්‍රම වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කල හැකි නම් නිෂ්පාදන වියදම 100 ගුණයකින් පහත දැමිය හැකි බව විද්‍යාඥ බෝහේන් පවසයි.

උපුටා ගැනීම- http://www.sciencedaily.com/releases/2014/04/140428134051.htm
සැකසුම- උඩපලාත විද්‍යා හා තාක්ෂණ නිලධාරි

Tuesday, September 25, 2007